උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමකින් ජපානය සලිත වෙයි

උතුරු කොරියාව විසින් ඊයේ තවත් අධිබලැති බැලැස්ටික් මිසයිලය අත්හදා බැලීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙම බැලැස්ටික් මිසයිලය ජපානයට ඉහළින් ගමන්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර කළේ.

මේ හේතුවෙන් උතුරු දිග ජපානයේ ජනතාවට ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙසයි ජපාන බලධාරීන් දැනුම් දී තිබුණේ.

එමෙන්ම මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ජපානයේ ප්‍රවාහන සේවාවන්ට ද බාධා එල්ල වී ඇති බව ද සඳහන්.

ඒ, ජපාන බලධාරීන් විසින් දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමටත් සමඟයි.

උතුරු කොරියා අත්හදා බැලූ මෙම මිසයිලය ජපානයට ඉහළින් ගමන්කරමින් කිලෝ මීටර් 4,600ක් පමණ ඈතින් පැසිෆික් සාගරයට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57