උත්සව සමයේ විනෝද ගමන් යන අයට පොලිසියෙන් දැනුම්දීමක්

උත්සව සමයේ බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දවසේ පැය 24 පුරා මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ වාහනයක තවත් පිරිසක් ගමන් කරන්නේ නම් බීමත්ව රිය ධාවනය කිරීමට රියදුරාට අවස්ථාවක් ලබා නොදෙන ලෙසටයි.

බීමතින් කිසියම් අයෙකු රිය ධාවනය කරන්නේ නම් එය එහි ගමන් කරන අනෙක් පුද්ගලයන්ගේ ද ජීවිතවලට අවදානමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම බීමත්ව රිය ධාවනය නොකරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැදිකරුවන්ගෙන් ද ඉල්ලීමක් කරනවා.

මේ අතර උත්සව සමයේ තමන් පදිංචි ප්‍රදේශවලින් බැහැරව යන විනෝද ගමන් අතර ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

බීමත්ව දිය නෑම ඇතුලු අවදානම් කටයුතුවල නිරත නොවන ලෙසටයි දැනුම් දෙන්නේ.

මෙවැනි ගමන් අතර අනතුරුදායක බවට දැනුම්දී ඇති ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙසට සහ කඳු සහිත ප්‍රදේශවල වැසි පවතින අවස්ථානවල ගංගා ආශ්‍රිතව දිය නෑමෙන් වලකින ලෙසට ද පොලිසිය ඉල්ලීමක් කරනවා.

එමෙන්ම වන්දනා සහ විනෝද චාරිකා අතර කුඩා ළමුන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

බීමත්ව දිය නෑම හේතුවෙන් හෝටල්වල ඇති නාන තටාක ද ඇතුලුව විවිධ ස්ථානවල මරණ සිදුව ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

වෙරළ කලාපයේ දිය නෑමට යාමේදී අවදානම් තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර හෝටල් ආශ්‍රිතව සේවය කරන සේවකයන්ගෙන් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

https://youtu.be/K3ausL9UG6k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?