AFC Banner
AFC Banner
Empty Ad

උත්සව සමයේ බීමත් රියදුරන් සොයන්න විශේෂ මෙහෙයුම්

අලුත් අවුරුදු උත්සව සමයේ බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද කියාසිටියේ.

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා උපකරණ බෙදා හැරීම ආරම්භ කර ඇති බව පැවසූ ඔහු හෙට (07) වන විට සියලුම ප්‍රදේශවලට එම උපකරණ 167,000ක් බෙදා හැරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ නීතියට අනුකූලව තමන්ගේ මෙන්ම අනෙකුත් පොදු මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙම උත්සව සමයේ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා රට පුරා මාර්ග බාධක කිහිපයක් ද ස්ථාපිත කරන බව ඔහු ප්‍රකාශ කළා.

අලුත් අවුරුදු කාලසීමාව තුළ පොලිසිය දිවා රාත්‍රී ජංගම මුර සංචාරවල නිරත වන අතර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුරපොලවල් ද ස්ථාපිත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

“විශේෂයෙන්ම මෙම මාසය තුළ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ දිනවල සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ නළ බෙදාහැරීම ආරම්භ කරලා තියෙනවා. හෙට දිනය වනවිට අපි නළ 167,000කට ආසන්න සංඛ්‍යාවක් සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට ලබාදෙනවා. උත්සව කාලයේ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා. වැදගත් වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා ඔබ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න. පොලීසිය ඔබගේ සහායට නිරන්තරයෙන් ඉන්නවා. එසේම අපරාධ කරුවන් හඳුනාගැනීම සඳහා ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒවා දිවයින පුරාම ක්‍රියාත්මක වනවා. ඊට අමතරව තවදුරටත් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර වැනි සංචාර නිරන්තරයෙන්ම යොදවනවා ඔබගේ ආරක්ෂාව සඳහා. ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න, එහෙම නොවුනොත් උත්සව සමයේ ඔබේ වන්දනා ගමන, විනෝද ගමන වැනි සියලු දේ ඔබට ශෝකාන්තයක් බවට පත්වෙන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?