උඩ යන සියල්ල අස්සේ බත්, කොත්තු සහ කිරි තේ මිලත් ඉහළට

ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත් පැකට්ටුවක්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා.ඒ අනුව එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 1257කින්.

එම ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වන්නේ රුපියල් 2750ක් ලෙසයි. එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින් ද කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින් වැඩි කර ඇති බව එම සමාගම සඳහන් කළා.

ඒ අනුව කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101 ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 520 ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම ලාෆ් සමාගම කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984 කින් ඉහළ නංවනු ලැබුවා.ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2,840 ක් ලෙසයි.

එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393 කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,136 ක් ලෙස සටහන් වනවා.

මේ අතර තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ගණන්ද ඉහළ දැමීමට සමාගම් තීරණය කර තිබෙනවා.

සෙරන්ඩිබ් පිටි සමාගමෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තිරිඟු පිටි කිලෝවක මිල අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29