උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වී ඇති බාධාව හෙට රාත්‍රියවන විට ඉවත් කරනවා – ප්‍රවාහන ඇමති

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වී ඇති බාධාව හෙට (20) රාත්‍රියවන විට ඉවත් කිරීමට හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (19) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

බදුල්ලේ සිට කොළඹ බලා ඊයේ (18) ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ඉදල්ගස්හින්න සහ ඔහිය යන දුම්රිය ස්ථාන අතර දී මාර්ගයට පස් කන්දක් සමඟ ගල් පෙරළීමෙන් පීලිපැනීමට ලක් වුණා.

පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බවයි.

මේ අතර දුම්රිය පිලීපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා පමණක් මේ වනවිට සීමාකර තිබෙනවා.

මේ වනවිටත් පිලීපැනීමට ලක් වූ දුම්රිය පිළිගත කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13