උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වී ඇති බාධාව හෙට (20) රාත්‍රියවන විට ඉවත් කිරීමට හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (19) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
බදුල්ලේ සිට කොළඹ බලා ඊයේ (18) ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ඉදල්ගස්හින්න සහ ඔහිය යන දුම්රිය ස්ථාන අතර දී මාර්ගයට පස් කන්දක් සමඟ ගල් පෙරළීමෙන් පීලිපැනීමට ලක් වුණා.
පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බවයි.
මේ අතර දුම්රිය පිලීපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා පමණක් මේ වනවිට සීමාකර තිබෙනවා.
මේ වනවිටත් පිලීපැනීමට ලක් වූ දුම්රිය පිළිගත කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ .





