උඩරට මාර්ගයේ අද (22) දිනයේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව කොළඹ කොටුවෙන් අද (22) පෙරවරු 9.45ට ගමන් ආරම්භ කරන දුම්රිය සහ බදුල්ලෙන් අද (22) පෙරවරු 10.20ට කොළඹ බලා ධාවනය වන දුම්රිය මෙලෙස අවලංගු කර තිබෙනවා.
අයහපත් කාලගුණයත් සමඟ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර දුම්රිය මාර්ගයට පස් කන්ඳක් කඩා වැටී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති අතර, ඊයේ (21) රාත්‍රියේ උඩරට මාර්ගයේ තැපැල් දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනයට එක්කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





