උඩරට මාර්ගයේ දුම්රිය දෙකක් අද අවලංගුයි

උඩරට මාර්ගයේ අද (22) දිනයේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව කොළඹ කොටුවෙන් අද (22) පෙරවරු 9.45ට ගමන් ආරම්භ කරන දුම්රිය සහ බදුල්ලෙන් අද (22) පෙරවරු 10.20ට කොළඹ බලා ධාවනය වන දුම්රිය මෙලෙස අවලංගු කර තිබෙනවා.

අයහපත් කාලගුණයත් සමඟ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර දුම්රිය මාර්ගයට පස් කන්ඳක් කඩා වැටී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති අතර, ඊයේ (21) රාත්‍රියේ උඩරට මාර්ගයේ තැපැල් දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනයට එක්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05