අද (20) දිනය තුළ දී උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා සීමාකර තිබෙනවා.
කෙසේ වෙතත් බදුල්ලේ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට මෙලෙස බාධා එල්ල වී තිබෙනවා.
ඊයේ (19) පස්වරුවේ පීලිපැනීමකට ලක් වූ එම දුම්රිය මේ වන විටත් පීලිගත කිරීමේ කටයුතු සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර හෙට (21) පෙරවරුවේ ද එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 04ක් දැනට අවලංගු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
අලුයම 04.30 – මහනුවර සිට කොළඹ කොටුව
අලුයම 04.50 – මාතලේ සිට කොළඹ කොටුව
උදෑසන 05.00 – මහනුවර සිට බෙලිඅත්ත
උදෑසන 06.15 – මහනුවර සිට කොළඹ කොටුව





