Update – උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගුයි

අද (20) දිනය තුළ දී උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා සීමාකර තිබෙනවා.

කෙසේ වෙතත් බදුල්ලේ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට මෙලෙස බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ පීලිපැනීමකට ලක් වූ එම දුම්රිය මේ වන විටත් පීලිගත කිරීමේ කටයුතු සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර හෙට (21) පෙරවරුවේ ද එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 04ක් දැනට අවලංගු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

අලුයම 04.30 – මහනුවර සිට කොළඹ කොටුව
අලුයම 04.50 – මාතලේ සිට කොළඹ කොටුව
උදෑසන 05.00 – මහනුවර සිට බෙලිඅත්ත
උදෑසන 06.15 – මහනුවර සිට කොළඹ කොටුව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42