උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා (වීඩියෝ)

උඩරට මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා මතුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි අංක 30 සහ 31 උමං මාර්ග අසල දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් අවහිරවී ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන බදුල්ල සිට කොළඹ බලා ගමන් කල පොඩි මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර ඇල්ල ඕඩිසි දුම්රිය ද අතරමග නවතා ඇති බව බදුල්ල දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් මාර්ගයට වැටී ඇති පස් හා ගල් ඉවත් කරමින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

දුම්රිය මාර්ගය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10