උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ 1007 මගී ප්‍රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

නාවලපිටිය, ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රොස් දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම දුම්රිය අද (02) දහවල් පීලිපැනීමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

පීලිපැනීමට ලක් වූ දුම්රිය යළි පීලි ගතකරන තෙක් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, කොළඹ සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබෙනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මාර්ගයට උඩුවර 07 කණුව ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමත් සමඟ එහි දුම්රිය ධාවනයට දින කිහිපයක් බාධා එල්ලවී තිබුණා.

එම බාධාවන් ඉවත් කිරීමෙන් පසු අද (02) උදෑසන යළිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?