AFC Banner
AFC Banner
Empty Ad

උගන්ඩාව, සිම්බාබ්වේ පිළේ 20-20 ලෝක කුසලාන ගමන අවදානමේ දමයි

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ අවදානමකට සිම්බාබ්වේ කණ්ඩායම ඇද දමන්නට උගන්ඩා කණ්ඩායම අද (26) සමත් වුණා.

ඒ, අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරන්නට උගන්ඩා කණ්ඩායමට හැකිවීමත් සමඟයි.

මෙම තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම අත්විඳි දෙවන පරාජය මෙය වන අතර, තරඟාවලියේ ආරම්භක තරඟය ද සත්කාරක නැමීබියාව හමුවේ පරාජය වන්නට සිම්බාබ්වේ කණ්ඩායමට සිදු වුණා.

අද තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 136ක් රැස් කළා.

ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය උගන්ඩාව එම ඉලක්කය පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර ගියා.

මේ අතර සිම්බාබ්වේ පිළ ටැන්සානියාවට එරෙහිව ඔවුන්ගේ දෙවන තරඟය කඩුලු 09 කින් ජයග්‍රහණය කළා.

සිම්බාබ්වේ කණ්ඩායම අද ලැබූ මෙම පරාජයත් සමඟ අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ මේ වනවිට රැඳී සිටිනවා.

මෙම තරගාවලියට අප්‍රිකානු කලාපයේ රටවල් හතක් එක්ව සිටින අතර, සිම්බාබ්වේ, උගන්ඩාව, නැමීබියාව, කෙන්යාව, ටැන්සානියාව, රුවන්ඩාව, නයිජීරියාව එම රටවල් හතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
10
+1
7
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?