උගන්ඩාව, සිම්බාබ්වේ පිළේ 20-20 ලෝක කුසලාන ගමන අවදානමේ දමයි

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ අවදානමකට සිම්බාබ්වේ කණ්ඩායම ඇද දමන්නට උගන්ඩා කණ්ඩායම අද (26) සමත් වුණා.

ඒ, අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරන්නට උගන්ඩා කණ්ඩායමට හැකිවීමත් සමඟයි.

මෙම තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම අත්විඳි දෙවන පරාජය මෙය වන අතර, තරඟාවලියේ ආරම්භක තරඟය ද සත්කාරක නැමීබියාව හමුවේ පරාජය වන්නට සිම්බාබ්වේ කණ්ඩායමට සිදු වුණා.

අද තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 136ක් රැස් කළා.

ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය උගන්ඩාව එම ඉලක්කය පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර ගියා.

මේ අතර සිම්බාබ්වේ පිළ ටැන්සානියාවට එරෙහිව ඔවුන්ගේ දෙවන තරඟය කඩුලු 09 කින් ජයග්‍රහණය කළා.

සිම්බාබ්වේ කණ්ඩායම අද ලැබූ මෙම පරාජයත් සමඟ අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ මේ වනවිට රැඳී සිටිනවා.

මෙම තරගාවලියට අප්‍රිකානු කලාපයේ රටවල් හතක් එක්ව සිටින අතර, සිම්බාබ්වේ, උගන්ඩාව, නැමීබියාව, කෙන්යාව, ටැන්සානියාව, රුවන්ඩාව, නයිජීරියාව එම රටවල් හතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26