ඊසාන දිග මෝසම යළි සක්‍රීය වෙමින්….

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මාධ්‍යට පවසා සිටියා.

එබැවින් උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

නැගෙනහිර, උතුර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි. මී 50 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහක යන පරිප්පු කන්න බෑ..අ#පත කළු කඩ කාරයන්ට ෂොට් දෙන්න..පාරිභෝගික අධිකාරිය දැන් කෝමා වෙලාද?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40