AFC Banner
AFC Banner
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 50 දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගිය බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ගාසා නගරයේ ඩරාජ් සහ ටුෆා අසල්වැසි ප්‍රදේශවල භූමිය පුරා සටන් දිගටම සිදුවෙමින් පවතින බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

තමන් විසින් පවත්වාගෙන යනු ලබන ඛාන් යුනිස් හි අල්-අමල් රෝහල අසල ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගිය බව පලස්තීන සහන සංවිධානයක් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රහාර දිගටම පැවතුනහොත් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දේශසීමාවෙන් හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ඉවත් කිරීමට හමුදාව ක්‍රියා කරන බවටයි ඊශ්‍රායල ඇමතිවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ.

බටහිර ඉවුරේ මානව හිමිකම් තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බවට අනතුරු අඟවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය, පලස්තීනුවන් ඝාතනය නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 240ක් පමණ ප්‍රාණ ඇපයට ගත් අතර පුද්ගලයන් 1200ක් මිය ගියා.

ඊශ‍්‍රායලය ප්‍රති ප්‍රහාර ආරම්භ කළ දා සිට ගාසා තීරයේ 21,100කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?