ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 50 දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගිය බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ගාසා නගරයේ ඩරාජ් සහ ටුෆා අසල්වැසි ප්‍රදේශවල භූමිය පුරා සටන් දිගටම සිදුවෙමින් පවතින බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

තමන් විසින් පවත්වාගෙන යනු ලබන ඛාන් යුනිස් හි අල්-අමල් රෝහල අසල ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගිය බව පලස්තීන සහන සංවිධානයක් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රහාර දිගටම පැවතුනහොත් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දේශසීමාවෙන් හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ඉවත් කිරීමට හමුදාව ක්‍රියා කරන බවටයි ඊශ්‍රායල ඇමතිවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ.

බටහිර ඉවුරේ මානව හිමිකම් තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බවට අනතුරු අඟවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය, පලස්තීනුවන් ඝාතනය නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 240ක් පමණ ප්‍රාණ ඇපයට ගත් අතර පුද්ගලයන් 1200ක් මිය ගියා.

ඊශ‍්‍රායලය ප්‍රති ප්‍රහාර ආරම්භ කළ දා සිට ගාසා තීරයේ 21,100කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04