ඊශ්‍රායලය ගාසා වෙරළබඩ තීරය දෙකඩ කිරීමේ සූදානමක

ගාසා තීරයේ වෙරළබඩ ප්‍රදේශය දෙකකට බෙදීම ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ ඇති හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත රහස් උමං ජාලය විනාශ කිරීමටත්, එය අක්‍රීය කර දැමීමත් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඊට අවශ්‍ය සෑම පැතිකඩකින් ම ගොඩබිම් හමුදා ප්‍රහාර මේ වනවිට ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබමින් සිටින බවත් වාර්තා වනවා.

හමාස් සංවිධානයේ උමං මාර්ග විනාශ කිරීමේ අරමුණින් සහ, වෙරළබඩ තීරය දෙකඩ කිරීමේ අරමුණින් ඊශ්‍රායලය හමුදා එල්ල කළ ප්‍රහාරවලින් දහස් ගණනක් පලස්‍තීනුවන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හමාස් විසින් ඔක්තෝම්බර් 7 දින එල්ල කරන ලද දේශසීමා ප්‍රහාරයකින් පුද්ගලයන් 1,400ක් මරා දමා 240 ක් පමණ ප්‍රාණ ඇපයට ගනු ලැබුවා.

ඊට පලිය ගැනීමේ අරමුණිනුයි ඊශ්‍රායලය ගුවනින් ගාසා තීරයට පහර දී වෙරළබඩ ප්‍රදේශය දෙකට බෙදීමේ උත්සාහයක නිරත වන්නේ.

කෙසේවෙතත් සිය ආක්‍රමණ පිළිබඳ ව ඊශ්‍රායලය පවසා ඇත්තේ ඉලක්කරුවන්ගේ ප්‍රධාන බලකොටු යටත් කරගනිමින් ඉදිරියට යන බවයි.

නමුත් හමාස් සටන්කාමීන් පවසන්නේ එල්ල කරන ලද සෑම ප්‍රහාරයකට ම ප්‍රතිප්‍රහාර එල්ල කර ඊශ්‍රායල හමුදා වැනසූ බවයි.

ඊශ්‍රායලයට එක් ඉලක්කයක් පමණක් ඇති බවත්, එය නම්, උමං තුළ සැඟවී සිටින ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් විනාශ කිරීම බව ද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47