AFC Banner
AFC Banner
Empty Ad

ඊශ්‍රායලයේ දී මිය ගිය ශ්‍රී ලාංකිකයාට වන්දි දෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම්

ඊශ්‍රායලයේ දී මියගිය බවට තහවුරු වූ යටවර බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එමෙන්ම ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසුවේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි සුජිත් බණ්ඩාර යටවර අතුරුදන් වූ බව වාර්තා වූයේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි. ඔහු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා දැනුම් දී තිබුණා.

නමුත්, සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර තහවුරු කළා. ඒ ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුවයි.

වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ යටවර මහතා, මිය යන විට 48 වැනි වියෙහි පසු වුණා.

2018 වසරේ දී සාත්තු සේවකයෙකු ලෙස ඊශ්‍රායලයේ සේවයට ගොස් තිබූ ඔහු වයස අවුරුදු 8ක පුතෙකුගේ සහ වයස අවුරුදු 13ක දියණියකගේ පියෙක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?