ඊශ්‍රායලයට ගිය ලාංකිකයන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු ජෝර්දානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජෝර්දාන හමුදාව උපුටා දක්වමින් අරාබි පුවත් සේවය පැවසුවේ දේශසීමා ආරක්ෂක හමුදා විසින් මෙම ශ්‍රී ලාංකිකයින් හත්දෙනා අත්අඩංගුවට ගෙන අදාළ බලධාරීන්ට භාර දුන් බවයි.

දේශසීමා සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා රටට ඇතුළුවීම හෝ මිනිස් ජාවාරම් සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන්
සන්නද්ධ හමුදා දැඩිව කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ජෝර්දාන-ඊශ්‍රායල් දේශසීමාව ඔස්සේ පසුගිය වසරවල අප්‍රිකාව, ආසියානු කලාපය මෙන්ම තුර්කිය යන රටවලින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට පැමිණෙන පිරිස් අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා රැසක් වාර්තා වුණා.

ඊශ්‍රායල බලධාරීන් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ජෝර්දානයෙන් නීතිවිරෝධී ලෙස පුද්ගලයින් 52 දෙනෙකු රටට ඇතුලු වී ඇති බවයි. එමෙන්ම මෙම වසරේ පළමු කාර්තුවේදී අනවසරයෙන් 23 දෙනෙකු රටට ඇතුලු වී තිබෙනවා.

ජෝර්දානය, ඊජිප්තුව මෙන්ම ඊශ්‍රායලය සමඟ දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මොරොක්කෝව ඇතුළු තවත් අරාබි රාජ්‍ය කිහිපයක් 2020 සහ 2021 මුලදී ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීමට එකඟ වුණා.

සාමාන්‍යකරණය ඉතා මතභේදාත්මක වන අතර පලස්තීනුවන් සලකන්නේ එය ඔවුන්ගේ ජාතික අරමුණ පාවාදීමක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?