ඊශ්‍රායලයට ගිය ලාංකිකයන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු ජෝර්දානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජෝර්දාන හමුදාව උපුටා දක්වමින් අරාබි පුවත් සේවය පැවසුවේ දේශසීමා ආරක්ෂක හමුදා විසින් මෙම ශ්‍රී ලාංකිකයින් හත්දෙනා අත්අඩංගුවට ගෙන අදාළ බලධාරීන්ට භාර දුන් බවයි.

දේශසීමා සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා රටට ඇතුළුවීම හෝ මිනිස් ජාවාරම් සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන්
සන්නද්ධ හමුදා දැඩිව කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ජෝර්දාන-ඊශ්‍රායල් දේශසීමාව ඔස්සේ පසුගිය වසරවල අප්‍රිකාව, ආසියානු කලාපය මෙන්ම තුර්කිය යන රටවලින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට පැමිණෙන පිරිස් අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා රැසක් වාර්තා වුණා.

ඊශ්‍රායල බලධාරීන් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ජෝර්දානයෙන් නීතිවිරෝධී ලෙස පුද්ගලයින් 52 දෙනෙකු රටට ඇතුලු වී ඇති බවයි. එමෙන්ම මෙම වසරේ පළමු කාර්තුවේදී අනවසරයෙන් 23 දෙනෙකු රටට ඇතුලු වී තිබෙනවා.

ජෝර්දානය, ඊජිප්තුව මෙන්ම ඊශ්‍රායලය සමඟ දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මොරොක්කෝව ඇතුළු තවත් අරාබි රාජ්‍ය කිහිපයක් 2020 සහ 2021 මුලදී ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීමට එකඟ වුණා.

සාමාන්‍යකරණය ඉතා මතභේදාත්මක වන අතර පලස්තීනුවන් සලකන්නේ එය ඔවුන්ගේ ජාතික අරමුණ පාවාදීමක් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21