ඊයේ රෑ ත්‍රිකුණාමලය උණුසුම් කළ සිද්ධිය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

ත්‍රිකුණාමල, කොටුව සම්බුධත්ව ජයන්ති විහාරස්ථානයේ තැන්පත් කළ බුදුපිළිමයක් සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රියේ එම ප්‍රදේශයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් මතු වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පොලිසිය ක්‍රියත්මක වී, ඊයේ (16) රාත්‍රියේ තැන්පත් කළ බුදුපිළිමය එහි ආරක්ෂාව වෙනුවෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් අද දිනය වනවිට එම බුදුපිළිමය අදාළ ස්ථානයේ තැන්පත් කිරීමට පොලිසියට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව එම බුදුපිළිමය මේ වනවිටත් අදාළ භූමියේ තැන්පත් කිරීමට කටයුතු කර ඇති බවයි ඔහු පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියේ.

මේ අතර අද දිනයේ සිට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
20
+1
1
+1
0
+1
3
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?