පංචිකාවත්ත, කෝවිල් වත්ත අසල දී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
මරදාන, පංචිකාවන්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති අතර, ගිනි අවිය ක්‍රියාත්මන නොවීම හේතුවන් එය ව්‍යර්ථ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා ත්‍රිරෝද රථයක් අලුත්වැඩියා කරමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීමට පැමිණ තිබෙනවා.
වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමත් සමඟ වෙඩිකරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් පළායන අවස්ථාවේ බිමට වෙඩි ප්‍රහාරයක් තබා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.












