අයි.පී.එල්. ඉතිහාසයේ තවත් තරඟයකින් ලකුණු 67ක දැවැන්ත ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි
දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමග හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 04 වැනි ස්ථානයේ සිට 02වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර හයිද්‍රාබාද් කණ්ඩායම, මෙම තරගයේදීද පන්දුවාර 20 තුළදී ලකුණු 266ක් රැස්කිරීමට සමත් වුණා.
ඒ අනුව ඔවුන් අයි.පී.එල්. ඉතිහාසයේ තෙවරක් ලකුණු 250 සීමාව පසුකළ දෙවැනි කණ්ඩායම බවට පත්වුණා.
හයිද්‍රබාද් වෙනුවෙන් ආරම්භය ට්‍රැවිස් හෙඩ් හා අභිෂේක් ශර්මා පළමු කඩුල්ලට පන්දුවාර 6.2කදී ලකුණු 131ක සබඳතාවක් පැවැත්වීමට සමත් විය.
ට්‍රැවිස් පන්දු 32කින් ලකුණු 89ක් රැස්කළා අභිෂේක් පන්දු 12කින් ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා.
මෙහිදී ලකුණු 267ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 199ක් පමණි. හයිද්‍රාබාද් ජය තහවුරු කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ ටී. නටරාජන් ලකුණු 19කට කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.
තරගයේ වීරයා සම්මාන දිනාගත්තේ ට්‍රැවිස් හෙඩ්.




