අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව කර සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ විශේෂ පොලිස් කණ්ඩායමක් නේපාලයේ රැඳී සිටිමින් සිදුකළ දින හතරක විශේෂ මෙහයුමකින් අනතුරුව සෙව්වන්දි ඇතුළු කිහිපදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මෙම පිරිස ජාත්‍යන්තර පොලීසියේ සහ නේපාල රජයේ සහාය ඇතිව මෙරටට රැගෙන ඒමට නියමිත බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘දසත නිවුස්’ වෙත පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





