ඉලංගෙයි තමිල් අරසු පක්ෂය අලුත් තීරණයක් ගනියි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හැර උතුරු නැගෙනහිර පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ඉලංගෙයි තමිල් අරසු කච්චි වෙනම තරඟ කිරීමට පක්ෂයේ නාමයෝජනා කමිටුව තීරණය කොට ඇති බව වාර්තා වනවා.

පක්ෂයේ නාම යෝජනා කමිටුව අද (06) වවුනියාව දිස්ත්‍රික්කයේ පෞද්ගලික හෝටලයක රැස්වීමෙන් අනතුරුව අදාළ තීරණය ගෙන තිබුණා.

නාමයෝජනා කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්රීම එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසූවේ තම පක්ෂයේ නාමයෝජනා කමිටුව අද (06) රැස්වීමේදී උතුරු නැගෙනහිර පළාත්වල ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක වෙත තනිව තරඟ වැදීමට තීරණය කළ බවයි.

රිකුණාමළය දිස්ත්‍රික්කය වෙත අනෙකුත් පක්ෂ සමඟ සාකච්ජා කොට ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බවද හෙතෙම පවසනවා.

දැනට යාපනය දිස්ත්‍රික්කය හා මඩකලපුව දිස්ත්‍රික්කය වෙත නාමයෝජනා සකස් කිරීම අවසන් කොට ඇති බවත්,අනෙකුත් දිස්ත්‍රික්කය වෙත ඉදිරිපත් වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් 09 වැනිදා අවසන් තීරණයක් ගැනීමට පක්ෂයේ නාමයෝජනා කමිටුව තීරණය කළ බවද හෙතෙම සඳහන් කළා.

යාපනය දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැයිස්තුව වෙත තමන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා හැරෙන්නට අනෙක් හත්දෙනාම පළමු වතාවට පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවත්, ඉන් දෙදෙනෙකු කාන්තා නියෝජිතයින් වන බවත් සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසූවේ යාපනය දිස්ත්‍රික්ක ලැයිස්තුව වෙත කාන්තා නියෝජිතයින් දෙදෙනෙකුට අවස්ථාව ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් පක්ෂය සතුටු වන බවයි.

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු අනෙකුත් හිටපු පාර්ලිමේන්තු මත්‍රීවරුන් ස්ව කැමැත්තෙන්ම මෙවර තරඟ නොකරන බවට දැනුම්දී ඇති බවද හෙතෙම සඳහන් කළා.

සාකච්ජාව වෙනුවෙන් පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා මහතා, පක්ෂයේ ලේකම් වෛද්‍ය පි.සත්යකලිංගම් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?