ඉරිදා දින උපකාරක පංති පැවැත්වීම ගැන රජයෙන් ළඟදීම තීරණයක්

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණිවලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මන්ත්‍රීවරයා විමසා සිටියේ මෙම ගැටළුව සම්බන්ධයෙන් රජය වශයෙන් කිසියම් තීන්දුවක් හෝ නියාමනයක් ගෙන ඇති ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආගමික නායකයින්ගෙන් ද විවිධ ඉල්ලීම් ලැබී ඇති බවයි.

මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවත්, ඒ අනුව සුදුසුම පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර පෞද්ගලික උපකාරක පංති නියාමනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ කිසිඳු ප්‍රතිපත්තියක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16