AFC Banner
AFC Banner
Empty Ad

ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරු හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි මහතා (Seyyed Ebrahim Raisi) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවර දී සිදු වී තිබෙනවා.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සහයෝගීතාව සහ වසර ගණනාවක් පුරා දෙරට විසින් එකිනෙකා වෙත ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පිළිබඳව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආර්ථික අර්බුදකාරී අවස්ථාවේදී ඉරානය ශ්‍රී ලංකාව ලබාදුන් සහාය පිළිබඳවද සිය කෘතඥතාව පළ කළා.

නව ප්‍රවේශයන් ඔස්සේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගත යුතු බව මෙහිදී පැවසූ ඉරාන ජනාධිපතිවරයා යෝජනා කළේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කර ගැනීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලෙස ඒකාබද්ධ ආර්ථික කොමිසම කඩිනමින් පිහිටුවීමටයි.

විශේෂයෙන් ඉරානය සතු අතිනවීන කෘෂි තාක්ෂණ දැනුම මෙරට කෘෂිකර්මාන්තය සඳහා ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඉදිරියේ දී ඒ පිළිබඳව ද සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයන් එකඟ වී තිබෙනවා.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ පුළුල් අවස්ථාවක් පවතින බවත්, ඉන්දියානු සාගර වටද්දර සංගමයට (IORA) අයත් සාමාජික රටවල් ද එයට ඇතුළත් කරගත යුතු බවටත් නායක දෙපළ මෙහිදි පිළිගෙන තිබෙනවා.

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂයෙන්ම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉරානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස කළ ආරාධනාව ද ඉරාන ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවා.

එසේම එම සංචාරයට සමගාමීව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ද නායකයන් දෙපළ මෙහිදී එකඟ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?