ඉරාන ප්‍රශ්නයේ දී අපි මධ්‍යස්ථයි – පුටින් කියයි

එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීමෙන් පසුව පවා, මොස්කව් ටෙහෙරානයේ ගලවා ගැනීමට සෘජුවම පැමිණීම වෙනුවට පසෙකට වී සිටින්නේ මන්දැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැහැදිලි කර තිබෙනවා.

රුසියාව සහ ඉරානය දශක ගණනාවක සිට සමීප සබඳතා පවත්වා ඇතත්, රුසියානු භාෂාව කතා කරන විශාල පිරිසක් ඊශ්‍රායලයේ ජීවත් වන බැවින් ගැටුමේදී මධ්‍යස්ථව සිටීමට උත්සාහ කරන බවයි පුටින් පවසා ඇත්තේ.

පැරණි සෝවියට් සංගමයෙන් සහ රුසියානු සමූහාණ්ඩුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවක් ඊශ්‍රායලයේ වාසය කරන බව ඔබේ අවධානයට යොමු කිරීමට මම කැමතියි. එය අද රුසියානු භාෂාව කතා කරන රටක්. තවද, නිසැකවම, රුසියාවේ සමකාලීන ඉතිහාසයේ අපි මෙය සැමවිටම සැලකිල්ලට ගනිමු.”යනුවෙන් ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය අතරතුර ජනාධිපති පුටින් පවසා සිටියා.

එමෙන්ම රුසියාව තම මිත්‍ර පාක්ෂිකයින්ට දක්වන පක්ෂපාතිත්වය ප්‍රශ්න කළ විචාරකයින්ට ද පුටින් මෙහිදී ප්‍රතිචාර දක්වනු ලැබුවා.

අරාබි ජාතීන් සහ ඉස්ලාමීය රටවල් සමඟ රුසියාවේ සබඳතා දිගු කලක් මිත්‍රශීලීව පැවති බවත්, රුසියාවේ ජනගහනයෙන් සියයට 15 ක් මුස්ලිම්වරුන් බව අවධාරණය කළ ඔහු රුසියාව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) නිරීක්ෂකයෙකු බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

එක්සත් ජනපදය කිලෝග්‍රෑම් 14,000 ක බංකර්-බස්ටර් බෝම්බ දමා ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වන ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත ප්‍රහාර එල්ල කරමින් මිඩ්නයිට් හැමර් මෙහෙයුම සිදු කිරීමෙන් පසුව පුටින් අදහස් දක්වා සිටියා.

මේ අතර ටෙහෙරානයට සහාය ලබා ගැනීමේ අරමුණින් ව්ලැඩිමීර් පුටින් හමුවීමට ඉරාන විදෙස් අමාත්‍යවරයා මේ වනවිට රුසියාවේ මොස්කව් වෙත ගොස් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
5
+1
3
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?