සාකච්ඡාවල ප්‍රතිඵලය රඳා පවතින්නේ එක්සත් ජනපදය අසාධාරණ ඉල්ලීම් වෙනස් කිරීම මත බව ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.
ගනුදෙනුවකට යන මාර්ගයේ හෝමූස් සමුද්‍ර සන්ධිය විසඳිය යුතු මතභේදාත්මක ගැටළු කිහිපයකින් එකක් බවයි එම ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ.
දෙපාර්ශ්වයේම විශේෂඥයින් පොදු පදනමක් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, මැදිහත්කරු ලෙස පාකිස්ථානය වෙනස්කම් විසඳීමට සහ අදහස් සමීප කිරීමට උත්සාහ කරන බවයි ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම යෝජනාවන් පිළිබඳව ඔවුන්ගේ අදාළ විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට, සාකච්ඡා කණ්ඩායම් දෙකම පසු බැස ඇති අතර, එම කෙටුම්පත් සූදානම් වූ පසු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිත බව එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර සාකච්ඡා අවසන් වීමෙන් පසු ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ,ඔවුන් ද විවෘත මනසකින් සාකච්ඡාවලට පැමිණි බවයි.
නමුත් එක්සත් ජනපදය “අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම් වලින් වැළකී “ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිගත යුතු බවයි අදාළ නිවේදනය මඟින් දක්වා ඇත්තේ.













