එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසු බලශක්ති වෙළඳපොළේ මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගෝලීය මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7.5% කින් ඉහළ ගොස් ඇති අතර, එය මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 102.37ක් ලෙසයි.
එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල 8.3% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක ඩොලර් 104.56ක් ලෙස මේ වනවිට දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
+1
1
+1
+1













