ඉරානය අමෙරිකාවෙන් පළිගන්නා බව දැනුම්දීමත් සමග කටාර් ගුවන් කලාපය වසා දැමෙයි

මැදපෙරදිග කලාපයේ වර්ධනය වන යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලික ව වසා දමා තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ කටාර් විදේශ අමාත්‍යාංශය X පණිවිඩයක් තබමින් මේ බව නිවේදනය කර තිබෙන බවයි.

එමෙන්ම කටාර් වාසීන්ගේ සහ කටාර් වෙත ඇතුල් වන අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කරලීම පිණිස මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට දිනකින් හෝ දින දෙකකින් පළි ගන්නා බව ඉරානය විසින් දැනුම්දීමත් සමග කටාර් ගුවන් කලාපය වසා දැමීම කාගෙත් අවධානයට ලක් ව තිබෙන්නක්.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම පවසන්නේ ඉරානයේ වෛද්‍ය පහසුකම් ද මේ වනවිට දුර්වල මට්ටමකට පත් ව ඇති බවයි.

දකුණු ලෙබනනය ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාර රැල්ලක් ද මේ වනවිට සිදු වන බවත් අල් ජසීරා පුවත් සේවය ද වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
7
+1
1
+1
23
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?