ඉරානයේ බාලිකා පාසලක සිටි 175 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා.
මහ කොමසාරිස්වරයා පවසන්නේ කඩිනම් සහ විනිවිද හවයකින් යුතු පරීක්ෂණයක් මේ සඳහන් අවශ්‍ය බවයි.
“මෙය ඉතා ඉක්මනින් සිදුවීමට අවශ්‍ය වන අතර වින්දිතයින් සඳහා වගවීමක් මෙන්ම සහනයක් ද ඇති බවට අප සහතික විය යුතුය” යනුවෙන් ඔහු අවධාරණය කර සිටියා.
ඉරානයට ඇමරිකාව ඇමරිකාව සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කළ පසුගිය 28 වනදා දකුණු ඉරාන නගරයක් වන මිනාබ් හි ප්‍රාථමික බාලිකා පාසලකට ප්‍රහාරයක් එල්ල වුණා.
මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති පසුබිමක, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ක්‍රියාත්මක කරන ලද යාබද නාවික කඳවුරකට එල්ල කරන ලද ප්‍රහාර සමඟ මෙම පාසල් ගොඩනැගිල්ලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායලය පවසන්නේ එම ප්‍රදේශයේ කිසිදු මෙහෙයුමක් පිළිබඳව තමන් දැනුවත් නොවූ බවයි, එමෙන්ම එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ වොෂින්ටනය තවමත් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් එය “කිසි විටෙකත් සිවිල් පුද්ගලයින් ඉලක්ක නොකරන” බවයි.













