update – ඉරානයේ පිපිරීම් දෙකකින් 73ක් ජීවිතක්ෂයට

ඉරාන ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කර සිව්වන සංවත්සරය වෙනුවෙන් ඔහුගේ සොහොන අසල පැවති සැමරුමට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් මියගිය සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පිපිරීම්වලින් තවත් 171 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.


ඉරානයේ පිපිරීම් දෙකකින් 50ක් ජීවිතක්ෂයට

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් කසීම් සොලෙයිමානිගේ අභාවයේ සිව්වන සංවත්සරය වෙනුවෙන් ඔහුගේ සොහොන අසල පැවති සැමරුමකට එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස්තිබෙනවා.

පිපිරීම්වලින් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව කර්මන්ගේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා ප්‍රකාශ කරනවා.

2020 වසරේ දී අසල්වැසි ඉරාකයේ එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියගිය ජෙනරාල් සොලෙයිමානි සැමරීමේ උත්සවයක් අතර සිය ගණනක් මිනිසුන් සොහොන දෙසට ඇවිද යමින් සිටි අතර පිපිරීම් සිදුවී ඇතැයි සඳහන්.

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට පසුව ඉරානයේ බලවත්ම පුද්ගලයා ලෙසටයි සොලෙයිමානි සැලකෙන්නේ.

විප්ලවවාදී ආරක්ෂකයින්ගේ විදේශීය මෙහෙයුම් අංශය වන කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරියා ලෙස, ඔහු කලාපය පුරා ඉරාන ප්‍රතිපත්තිවල නිර්මාණකරුවෙක්.

හමාස් සහ හිස්බුල්ලා ඇතුළු මිත්‍ර ආන්ඩු සහ සන්නද්ධ කණ්ඩායම් සඳහා Quds Force හි රහසිගත මෙහෙයුම් සහ එහි මාර්ගෝපදේශනය, අරමුදල්, ආයුධ, බුද්ධි සහ සැපයුම් සහය සැපයීම භාරව සිටියේ ඔහුයි.

2020 ඝාතනයට අණ දුන් එවකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝකයේ ඕනෑම තැනක සිටින අංක එකේ ත්‍රස්තවාදියා ලෙස සුලෙයිමානි හඳුන්වා දී තිබුණා.


ඉරානයේ පිපිරීම් දෙකකින් 20ක් ජීවිතක්ෂයට

ඉරානයේ සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් කසීම් සොලෙයිමානිගේ අභාවයේ සිව්වන සංවත්සරය වෙනුවෙන් ඔහුගේ සොහොන අසල පැවති සැමරුමක් අසල මෙම පිපිරීම් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීම්වලින් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?