update – ඉරානයේ පිපිරීම් දෙකකින් 73ක් ජීවිතක්ෂයට

ඉරාන ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කර සිව්වන සංවත්සරය වෙනුවෙන් ඔහුගේ සොහොන අසල පැවති සැමරුමට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් මියගිය සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පිපිරීම්වලින් තවත් 171 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.


ඉරානයේ පිපිරීම් දෙකකින් 50ක් ජීවිතක්ෂයට

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් කසීම් සොලෙයිමානිගේ අභාවයේ සිව්වන සංවත්සරය වෙනුවෙන් ඔහුගේ සොහොන අසල පැවති සැමරුමකට එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස්තිබෙනවා.

පිපිරීම්වලින් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව කර්මන්ගේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා ප්‍රකාශ කරනවා.

2020 වසරේ දී අසල්වැසි ඉරාකයේ එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියගිය ජෙනරාල් සොලෙයිමානි සැමරීමේ උත්සවයක් අතර සිය ගණනක් මිනිසුන් සොහොන දෙසට ඇවිද යමින් සිටි අතර පිපිරීම් සිදුවී ඇතැයි සඳහන්.

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට පසුව ඉරානයේ බලවත්ම පුද්ගලයා ලෙසටයි සොලෙයිමානි සැලකෙන්නේ.

විප්ලවවාදී ආරක්ෂකයින්ගේ විදේශීය මෙහෙයුම් අංශය වන කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරියා ලෙස, ඔහු කලාපය පුරා ඉරාන ප්‍රතිපත්තිවල නිර්මාණකරුවෙක්.

හමාස් සහ හිස්බුල්ලා ඇතුළු මිත්‍ර ආන්ඩු සහ සන්නද්ධ කණ්ඩායම් සඳහා Quds Force හි රහසිගත මෙහෙයුම් සහ එහි මාර්ගෝපදේශනය, අරමුදල්, ආයුධ, බුද්ධි සහ සැපයුම් සහය සැපයීම භාරව සිටියේ ඔහුයි.

2020 ඝාතනයට අණ දුන් එවකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝකයේ ඕනෑම තැනක සිටින අංක එකේ ත්‍රස්තවාදියා ලෙස සුලෙයිමානි හඳුන්වා දී තිබුණා.


ඉරානයේ පිපිරීම් දෙකකින් 20ක් ජීවිතක්ෂයට

ඉරානයේ සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් කසීම් සොලෙයිමානිගේ අභාවයේ සිව්වන සංවත්සරය වෙනුවෙන් ඔහුගේ සොහොන අසල පැවති සැමරුමක් අසල මෙම පිපිරීම් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීම්වලින් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39