ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කිමේනි ඝාතනය කිරීම සහ ඉරානයට එරෙහිව අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (06) පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වනවා.
ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු පකිස්ථානයේ නගර කිහිපයක සිකුරාදා යාඥාවලින් පසු විරෝධතා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉස්ලාමාබාද් පොලිසිය නිවේදනය කළේ වැදගත් රජයේ ගොඩනැගිලි මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වාසස්ථානයක් ද පිහිටා ඇති ඉස්ලාමාබාද්හි රතු කලාපයට ඇතුළුවීම අවහිර කරන බවයි.
ඊට අමතරව, කරච්චි, ක්වේටා සහ අනෙකුත් නගරවල විරෝධතා අපේක්ෂා කෙරෙනවා.
ඉරානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාර ආරම්භ වී දිනකට පසු,එනම් පසුගිය ඉරිදා පාකිස්ථානය පුරා විරෝධතාවල දී අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගියා.
ඔවුන්ගෙන් 10 දෙනෙකු මිය ගියේ කරච්චි හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදීයි.
එමෙන්ම සැලකිය යුතු ෂියා ජනගහනයක් සහිත කඳුකර උතුරු කලාපයක් වන ගිල්ගිට්-බෝල්ටිස්තානයේ ද නොසන්සුන්තාවයක් ඇති වුණා.
එහිදී ආරක්ෂක නිලධාරීන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගිය අතර කාර්යාල ගොඩනැගිලි කිහිපයක් ද විරෝධතාකරුවන් විසින් ගිනිබත් කෙරුණා.













