ඉරානයට සහාය දක්වමින් පාකිස්ථානය පුරා විරෝධතා

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කිමේනි ඝාතනය කිරීම සහ ඉරානයට එරෙහිව අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (06) පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු පකිස්ථානයේ නගර කිහිපයක සිකුරාදා යාඥාවලින් පසු විරෝධතා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉස්ලාමාබාද් පොලිසිය නිවේදනය කළේ වැදගත් රජයේ ගොඩනැගිලි මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වාසස්ථානයක් ද පිහිටා ඇති ඉස්ලාමාබාද්හි රතු කලාපයට ඇතුළුවීම අවහිර කරන බවයි.

ඊට අමතරව, කරච්චි, ක්වේටා සහ අනෙකුත් නගරවල විරෝධතා අපේක්ෂා කෙරෙනවා.

ඉරානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාර ආරම්භ වී දිනකට පසු,එනම් පසුගිය ඉරිදා පාකිස්ථානය පුරා විරෝධතාවල දී අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගියා.

ඔවුන්ගෙන් 10 දෙනෙකු මිය ගියේ කරච්චි හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදීයි.

එමෙන්ම සැලකිය යුතු ෂියා ජනගහනයක් සහිත කඳුකර උතුරු කලාපයක් වන ගිල්ගිට්-බෝල්ටිස්තානයේ ද නොසන්සුන්තාවයක් ඇති වුණා.

එහිදී ආරක්ෂක නිලධාරීන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගිය අතර කාර්යාල ගොඩනැගිලි කිහිපයක් ද විරෝධතාකරුවන් විසින් ගිනිබත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56