AFC Banner
AFC Banner
Empty Ad

ඉම්රාන් ඛාන්ට තවත් බොහෝ කල් සිරගත ව ඉන්නට සිදුවන ලකුණු

ෆිච් සමූහයට අයත් බිස්නස් මොනිටර් ඉන්ටර්නැෂනල් (බීඑම්අයි), නවතම වාර්තාවකින් පවසා ඇත්තේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් සභාපති ඉම්රාන් ඛාන් හට නුදුරේ දී සිරෙන් නිදහස් වීමට ඉඩක් නොමැති බවයි.

“සාර්ථක නීතිමය අභියාචනා කිහිපයක් තිබියදීත්, විපක්ෂ නායක ඉම්රාන් ඛාන් සැලකිය යුතු කාලයක් සිරගත ව සිටිනු ඇත” යනුවෙන් BMI උපුටා දක්වමින් ඩෝන් නිව්ස් පවසනවා.

IMF විසින් නියම කරන ලද මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා ෂෙබාස් ෂරීෆ් ආණ්ඩුව අවම වශයෙන් ඉදිරි මාස 18 තුළ පවතිනු ඇතැයි වාර්තාව පුරෝකථනය කරනවා.

කෙසේ වෙතත්, විශ්ලේෂණය මගින් පකිස්තාන ආර්ථිකය සඳහා භයානක පුරෝකථනයන් කිහිපයක් සිදු කර ඇත්තේ ආර්ථිකය කඩා වැටීමක් ආසන්නයේ පවතින බව දක්වමින්.

“පකිස්තානයේ ආර්ථිකය බාහිර කම්පන හමුවේ ඉතා බිඳෙන සුළුයි,” BMI වාර්තාව උපුටා දක්වන ඩෝන් වාර්තාව පවසනවා.

“පකිස්තානුවන්ගෙන් සියයට 40 ක් කෘෂිකාර්මික කටයුතුවල නිරත වන බැවින්, තවත් ගංවතුරක් හෝ නියඟයක් ආර්ථිකයට සැලකිය යුතු අවදානමක් ගෙන එනු ඇත. රටේ බිඳෙන සුළු දේශපාලන තත්ත්වය ද යථා තත්ත්වයට පත්වීමට බාධාවක් විය හැකිය,” වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් තහනම් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය මේ අවස්ථාවේ දී ක්‍රියාමාර්ග ගැනීම තවත් විරෝධතා මාලාවක් ආරම්භ වීමට හේතු විය හැකි බව වාර්තාව අනතුරු අඟවනවා.

එවැනි තත්ත්වයක් පාකිස්තානයට විනාශකාරී වනු ඇති බවයි BMI සිය වාර්තාවෙන් අනතුරු අඟවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?