ඉපලෝගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඔහුගේ නිල නිවස තුළදී තමන්ව දූෂණය කළ බව කාන්තාවක් චෝදනා කරනවා.
ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවක් මෙම චෝදනාව එල්ල කරන අතර, ඇය පවසන්නේ පසුගිය දෙසැම්බර් මස හතර වනදා ස්ථානාධිපතිවරයා කෑම පිළියෙළ කර ගැනීමට අවශ්‍ය බව පවසා තමන්ව නිල නිවසට කැඳවාගෙන ගොස් බියගන්වා මෙම අපරාධය සිදුකළ බවයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කාන්තාව සඳහන් කළේ සිද්ධිය පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් පැමිණිලි කර ද තවමත් තමන්ට සාධාරණයක් ඉටුව නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතාගෙන් සිදුකළ විමසීමක දී ඔහු සඳහන් කළේ, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.




