ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකාව දැඩි සටනක

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට දැඩි සටනක නිරත වනවා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 279ක් රැස්කරගෙන සිටින්නේ නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 137ක් පිටුපසින් සිටිමින්.

අද (20) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව ධනංජය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 11 වන අර්ධ ශතකය අද වාර්තා කළ අතර, දිනේෂ් චන්දිමාල් අද රැස්කළේ සිය 25 වන ටෙස්ට් අර්ධ ශතකයයි.

මේ වනවිට ධනංජය සහ නවක ක්‍රීඩක නිශාන් මධුශ්ක නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

වෙලින්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 04කට ලකුණු 580ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 164ක් පමණයි.

ඒ, අනුව ලකුණු 416ක් ඉදිරියෙන් සිටි නවසීලන්තය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා පිළට පන්දුවට පහරදීමට ආරාධනා කළා.

තරගයේ සිවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46