spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකාව දැඩි සටනක

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට දැඩි සටනක නිරත වනවා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 279ක් රැස්කරගෙන සිටින්නේ නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 137ක් පිටුපසින් සිටිමින්.

අද (20) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව ධනංජය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 11 වන අර්ධ ශතකය අද වාර්තා කළ අතර, දිනේෂ් චන්දිමාල් අද රැස්කළේ සිය 25 වන ටෙස්ට් අර්ධ ශතකයයි.

මේ වනවිට ධනංජය සහ නවක ක්‍රීඩක නිශාන් මධුශ්ක නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

වෙලින්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 04කට ලකුණු 580ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 164ක් පමණයි.

ඒ, අනුව ලකුණු 416ක් ඉදිරියෙන් සිටි නවසීලන්තය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා පිළට පන්දුවට පහරදීමට ආරාධනා කළා.

තරගයේ සිවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?