ඉන්ධන හිඟයක් ? ඇමතිගෙන් හෙළිදරව්වක්

ලබන 22 වන දිනෙන් පසු විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම මසකින් පමණ ප්‍රමාද විය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැතිවීම එම තත්ත්වයට හේතුව බවය.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ඒ සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා දිනයේ රැස්වන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද තීරණය කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් ඉන්ධන ලබාදීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

“මාස තුනකට කලින් අපි ලංකා විදුලිබල මණ්ඩලටය දැනුම්දුන්නා ප්‍රවාහන සහ කර්මාත ශේත්‍රයන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා අපි ඩොලර් සපයාගන්නේ අතිශයෙන්ම අමාරුවෙන්. ඒ නිසා ලංකා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් හෝ ඩීසල් අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා අපිය කලින් දැනුම්දීමක් කළ යුතුයි. අපිගාව තොග පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ ඒ වෙනුවෙන්. දෙවනුව ඒ සඳහා වැයවන ඩොලර් ප්‍රමාණය අපට සපයා දියයුතුයි. ඒ වගේම ඒ අය අපිට දැනුම්දී තිබුණා ඉන්ධන අවශ්‍ය වන්නේ විදුලි ජනනය සඳහා ජනවාරි අවසානයේ සිට කියලා. නමුත් ජනවාරි 07 වනදා අපෙන් දැවිතෙල් දවසට මෙට්‍රික්ටෝන් 3,500ක් ගාණේ ඉල්ලුවා. දැන් ඒක ලබාදෙනවා ජනවාරි 22 දක්වා. ඒ වගේම ඒ අය අපෙන් ජනවාරි මස 11 වනදා ඉල්ලනවා 13 වනදාත් මෙට්‍රික්ටෝන් 1,500 ගාණේ අවශ්‍යයි කියලා. අපි ඔවුන්ට කිව්වා අපිට එලෙස ලබාදීමේ හැකියාවක් නැහැ. ඩොලර් සපයන්න අපි ඉන්ධන ගෙනැවිත් දෙන්නම්. ඉන්ධන ගෙන ඒමට ගතවන කාලය ඔවුන්ය ධරාගෙන ඉන්න වෙනවා. අපිට අඩුම ගාණේ දින 30 කාලයක් යනවා ඔවුන්ට මේ ඉන්ධන ලබාදෙන්න.”

මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා අද (16) සඳහන් කළේ පසුගිය සතියේ පැමිණි නැව් කිහිපයකම ඉන්ධන තොග වරායෙන් නිදහස් කරගැනීම සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුව ඇති බවය.

“මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් නැවක් ආවා 09 වනදා මේ මොහොත වෙනතුරු ඒ නැවේ ඉන්ධන බාන්න මුදල් ගෙවලා නැතුව නැව මුහුදේ තිබෙනවා. ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් ගෙනා ආ තව නැවක් තියෙනවා. ඒ ආවේ පසුගිය 11 වනදා ඒකත් දැන් මුහුදේ. දැන් මේවා සෙල්ලං නෙවේ. දිනකට අවමය ඩොලර් 25,000ක් ගෙවන්න වෙනවා නැවකට. මේවෙනකොට ඩොලර් ලක්ෂ 03කට වැඩි ප්‍රමාද ගාස්තු ගෙවනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40