AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන සහ ගෑස් ගැන සංචාරක ඇමතිගෙන් ඉල්ලීමක්

ඉන්ධන සහ ගෑස් ලබා දීමේදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව ලබා දෙන්නැයි සංචාරක අමාත්‍යවරයා විෂයභාර අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ පිළිබඳව ඉන්ධන සහ ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරට ත් ඉල්ලා සිට ඇති බව සංචාරක අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන සහ පුද්ගලයින් වෙත ඉන්ධන සහ ගෑස් ලබාදීමේ ප්‍රමුඛතාව ලබාදීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ගෑස් සමාගම් හරහා අවස්ථාව සලසා දෙන ලෙසට ප්‍රසන්න රණතුංග විසින් ඉල්ලීමක් කර ඇති බවයි.

මෙම වසර තුළදී සංචාරකයින් 235,000කට ආසන්න පිරිසක් මේ දක්වා රටට පැමිණ ඇති බැවින් සංචාරකයින් 50,000කට ආසන්න පිරිසක් රට තුළ සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?