ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම මාසයෙන් මාසයට

ඉන්ධන මිල සූත්‍රය මාසිකව සිදුකිරීම සඳහා ඉදිරියේ දී කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, සඳහා අවශ්‍ය බලය නිලධාරීන් වෙත ලබාදීම සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරයට ඊයේ එක්වෙමින්.

මෙම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් සහ ලංකා IOC සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?