ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 309ක්.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල වෙනස් කර නොමැති අතර, මේ වනවිට එහි පවතින මිල රුපියල් 371ක් වනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කිරීමටයි මෙම මිල සංශෝධනයයේ දී කටයුතු කර ඇත්තේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 286ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් සිදුකර නොමැති අතර, එහි පවතින මිල වන්නේ රුපියල් 313ක මිලක්.

එමෙන්ම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 188ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
44
+1
2
+1
2
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?