ඉන්ධන මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 5.8%කින් ඉහළගොස් ඇති බවය. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සඳහන් වූයේ ඩොලර් 111.09ක් ලෙසය.

එය 2014 ජූලි මාසයෙන් අනතුරුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ වැඩිම මිල ලෙස වාර්තා විය.

මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ද 6%කින් ඩොලර් 109.30ක් දක්වා වැඩිවී තිබේ.

එය 2013 වසරෙන් පසුව ඒ සඳහා ලැබුණු වැඩිම මිල ලෙස සඳහන් විය.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවීම පාලනය සඳහා බොර තෙල් නිෂ්පාදකයින් බැරල් මිලියන 60ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ වී ඇති පසුබිමක මෙලෙස මිල වැඩිවී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?