AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිලට ඉදිරියේදී වෙන්න යන දේ

ඉදිරියේදී මෙරට ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට හැකියාවක් ලැබිය හැකි බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවෙමින් පවතින බැවින් මෙරට ජනතාවට එහි වාසිය ලබාදිය හැකි බව අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

“තෙල් මිල අඩුවෙලා නෑ. තෙල් මිල වැඩි කිරීමේදී අපි ගණනය කළේ පෙබරවාරි මිල ගණන්. මාර්තු මාසයේ තමයි බැරල් එකක් මිල ‌ඩොලර් 130 දක්වා වැඩි වුණේ. යුද්ධය නිසා. දැන් ඒක 98ට බැහැලා තියෙනවා. නමුත් ඉදිරියේදී තෙල් මිල විශාල වශයෙන් අඩු වුණොත් අපි එය අඩු කරන්න ලෑස්තියි.”

“මේ මාසේ අවසන් වෙනකොට බොර තෙල් ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කරගෙන යනවා. ටොන් 90,000ක නැවක් දෙකක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. සිංහල අලුත් අවුරුද්දට තදබල තෙල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ.”

දැනට ලංකාවේ දෛනික ඩිසල් පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් 8,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?