Empty Ad
AFC Banner
Empty Ad

ඉන්ධන බෙදුම්කරුවන්ට හිමි වූ 3%ක වට්ටම අහෝසි

ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබාගන්නා 3%ක වට්ටම් මුදල අහෝසි කරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා පවසනවා.

අද දිනයේ මධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව හෙට (01) දිනයේ සි නව සමීකරණයකට අනුව ඉන්ධන බෙදුම්කරුවන්ට ගෙවීම් සිදුකරන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මෙතෙක් කලක් ඉන්ධන බෙදුම්කරුවන් ලබාගත් 3%ක මුදල අනීතික බව ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව පසුගිය කාලයේ දී වැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීම හේතුවෙන් බිලියන 34.5ක මුදලක් වැඩිපුර බෙදුම්කරුවන්ට ගෙවා ඇති බව ද ඔහු අනාවරණය කළා.

බෙදුම්කරුවන් සඳහා අධික ලාභයක් ලබාදෙනවා වෙනුවට සාධාරණ ලාභයක් නව ක්‍රමවේදය ඔස්සේ හිමිවන බවද සභාපතිවරයා පැවසුවා.

මේ අතර මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහන නළයක් එලීමට සැලසුම්කර ඇති බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?