ඉන්ධන බෙදා හැරීම ගැන සුබ පුවතක්

ඉන්ධන බෙදා හැරීම සඳහා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් මේ වනවිට සිදුකෙරෙමින් පවත්න බව විෂභාර අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය සහ රජය සතු බෙදාහැරීමේ ටැංකි යොදා ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

වර්ජනයේ යෙදී සිටි ඇතැම් පෞද්ගලික ටැංකි සේවකයන් ද මේ වනවිට එම බෙදාහැරීම් කයුතු සඳහා එක්ව ඇති බවයි සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික ටැංකි සේවකයන් බෙදාහැරීම ආරම්භ කර ඇති ටැංකිවලට බාධා කරන බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?