Empty Ad
AFC Banner
Empty Ad

ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම ගැන පැමිණිල්ලක් – CIDය විමර්ශන අරඹයි

ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන බෙදාහැරීමේ දී ලබාදෙනු ලබන වට්ටම් මුදල සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් හේතුවෙන් ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමින් රජය අපහසුතාවයට පත් කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක් කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ, අනුව සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ මහජන පීඩාවක් ඇතිකරන පුද්ගලින්ට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?