ඉන්ධන බෙදාහැරීම් අද සහ හෙට සාමාන්‍ය පරිදි, ඉන්ධන ගැන අනියත බියක් එපා – තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය (වීඩියෝ)

මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණයක් ඇතිව තිබුණ ද, මේ වනවිට රට තුළ දින 37-45 පමණ කාලයක ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් අනවශ්‍ය බියක් ජනතාව ඇති කරගත යුතු නැති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි විධායක කමිටු සාමාජික ඩී.වී.ශාන්ත සිල්වා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ අද ඉරිදා දිනයක් වුවත් අද දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන අතර හෙට (02) දිනයට යෙදී ඇති පෙහොය දිනය තුළ ද දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඩී.වී.ශාන්ත සිල්වා,

“සාමාන්‍යයෙන් මෙම තත්ත්වය උදාවෙන්න ඉස්සල්ලා අද (01) සාමාන්‍යයෙන් නිවාඩු දිනයක් ඉරිදා දිනය. දීර්ඝ සති අන්ත නිවාඩුවක් නිසා IOC සමාගම මීට ප්‍රථමම ඔවුන් තීරණය කරලා තිබුණ ඉන්ධන බෙදාහැරීම් කටයුතු ඒ අනුව සාමාන්‍ය පරිදිම ඉන්ධන බෙදාහැරීම සිදු වෙනවා. පෝය දිනයක් තුළ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදුනොවුනත් ඊට පෙර තීරණය කර ගත් පරිදි CPSL ආයතනය හෙට (02) දිනයේ ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරනවා. ඒ සඳහා ටැංකි රථ අවශ්‍ය ප්‍රමාණයට යොදවලා තියෙන්නේ. ඉන්ධන සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කරගත යුතු නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42